රාජිතගේ සුපිරි ගේමක් හෙළිවේ

මෛත්‍රී රනිල් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස සිටි රාජිත සේනාරත්න කැබිනට් ඇමතිවරයෙකු වෙනුවෙන් වෙන් කර තිබූ නියමිත වාහන සංඛ්‍යාවට වඩා 16ක් වැඩිපුර ලබා ගෙන තිබූ අතර රුපියල් ලක්ෂ 20ක අමතර ඉන්ධන දීමනාවක් ද මාසිකව ලබා ගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරීන්ගේ තනතුරු යටතේ ලියාපදිංචි කළ වාහන 5,792ක් පැවති බවය.

ඊට අමතරව එම වාහන අතරින් 1,794ක් භෞතිකව නොපවතින බව ද විගණන වාර්තාවෙන් වැඩි දුරටත් හෙළිකර තිබේ.

Facebook
Twitter
LinkedIn