රනිල් තදින් හිටී

රනිල් තදින් හිටී

යාල වනෝද්‍යානයට නීති විරෝධීව වාහන රැගෙන යමින් මහත් විනාශයක් සිදු කළ ඇමති පුතා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවල ප්‍රගතිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ලබා දෙන ලෙසත් වැරදිකරුවන් සම්බන්ධයෙන් තදින් ක්‍රියා කරන ලෙසත් උපදෙස් ලබා දී ඇති බව සිළුමිණ පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතේ “රාජකීය හෑල්ල“ නම් ලිපියේ මෙයට අදාළ තොරතුරු වාර්තා කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාල වනෝද්‍යාන සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය එම පුවත් පතේ වාර්තා කර ඇති ආකාරයෙන් ම උපුටා ගෙන පහතින් දැක්වේ.
“මින් ඉදිරියට ලියාපදිංචි නොකළ කිසිදු වාහනයකට යාල වනෝද්‍යානයට ඇතුල් වෙන්න බෑ. වන සතුන් නිදහසේ ඉන්න ඉඩ තියෙන්න ඕනේ. ඕෆ් රෝඩ් වාහනවලට යන්න වෙනත් ස්ථාන තියෙනවා. කැලේ ගිහින් ඒවා කරන්න බෑ, රනිල් තදින් කියා සිටියේය. “ යනුවෙන් වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn