බංගලිදේශය ශ්රී ලංකාව සමඟ සිදු කරන ගණුදෙනුවලදී ආසියානු නිෂ්කාශන සංගමයේ ගෙවීම් යන්ත්රය ප්රයෝජනයට නොගන්නා ලෙස එරට මහ බැංකුව දැනුම් දී තිබේ.
පසුගිය 27 වෙනිදා බංගලිදේශ මහ බැංකුව විසින් එරට සියලු වානිජ බැංකුවටල මෙම දැනුම්දීම කර තිබේ. ශ්රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ ගෙවීම් යන්ත්රය තුළින් ගනුදෙනු කිරීම තාවකාලිකව අත්හිටුවීමේ ප්රතිඵලයක් ලෙස බංගලිදේශය මෙම පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් බංගලිදේශයේ මූලික සමාගම් ශ්රී ලංකාවේ ක්රියාත්මකවීම සහ මෙරට ශ්රමිකයන් බංගලිදේශයේ රුකියාවල නියුක්තවීමත්, දෙරට අතර විදේශ වෙළඳාමේ ගනුදෙනු සිදු කිරීමත් යන කටයුතුවලදී විශාල බලපෑමක් සිදු කෙරෙන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
Views: 0









