පොලිසියේ හැංගිහොරා සෙල්ලම් අවසන්ද?

පොලිසියේ හැංගිහොරා සෙල්ලම් අවසන්ද?

ආණ්ඩුවේ නියෝග මත පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට යොදා ගත් කඳුලු ගෑස් පිළිබඳව විස්තර ලබා දෙන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් විසින් කර තිබූ ඉල්ලීම් ඉවත් දැමීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඉහල නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක්කර තිබේ.

එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව තොරතුරු දැන ගැනීමේ අභියාචනා ඉදිරිපත් කර තිබිණි. එම අභියාචනා විමර්ශනය කළ තොරතුරු කොමිෂන් සභාව ඊයේ (27) තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ තොරතුරු ලබා නොදෙන්නේ නම් පොලිස්පතිවරයා ඇතුළු ඉහල නිලධාරීන් අධිකරණය හමුවට කැඳවන බවය.

මෙම තීන්දුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ දක්වා ලබා ගත් ඉහලම ජයග්‍රහණයක් වන අතර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා දිගින් දිගටම අරගලයක නිරතවී සිටිති.

Facebook
Twitter
LinkedIn