අද ලංකාව විශාලා මහනුවරක් වගේ තත්වයට පත්වෙලා – අමිල රත්නායක

අද ලංකාව විශාලා මහනුවරක් වගේ තත්වයට පත්වෙලා – අමිල රත්නායක

අද ලංකාව විශාලා මහනුවරක් වගේ තත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති අමිල රත්නායක පවසයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් මේ වනවිට කොළඹ හටිඩ් පිටියේදි පවත්වන විරෝධතා රැලියට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“මේ වනවිට ලංකාව තිබෙන්නේ ඉතාමත් දුර්භාග්‍ය සම්පන්න තත්වයක. විශාලා මහනුවරක් වගේ තත්වයට පත්වෙලා. රටේ ජනතාවට ආහාර නැතිවීමෙන් අසනීප වෙනවා. සෞඛ්‍ය සේවයත් බිඳ වැටිලා. සමස්ත ලංකා හෙද සංගමය හැටියට තවදුරටත් ඉවසන්න අපි සූදානම් නැහැ.

රෝගියාගේ අසරණකම අපේ අසරණකම විඳ දරාගන්නා පිරිසක් අද සෞඛ්‍ය වෘත්තිකයෝ කියන්නේ. රෝගීන්ගේ අසරණකම ගැන කඳුළු පිරි දෑසින් මෙපමණ කල් බලාසිටි සෞඛ්‍ය සේවකයේ අද සිට රෝගීන් එක්ක කඳුළු සලන්න සූදානම් නැහැ. ලංකාවේ සමස්ත හෙද හෙදියන් වගේම සමස්ත සෞඛ්‍ය වෘත්තීය සමිති මේ අරගලය වටා ඒකරාශී කරමින් ජයග‍්‍රහණය කරා ගෙනයනවා.

සෞඛ්‍ය සේවයේ එක වෘත්තීය සමිතියක පුද්ගලයෙක් රනිල් වික‍්‍රමසිංහ ළඟට ගියත් මේ අරගලය පාවා නොදෙන සුවහසක් සිටිනා බව මතක් කරනවා. රනිල් වික‍්‍රමසිංහ පාලනය ගෙදර යවා ජනතාවාදී පාලනයක් පිහිටුවීම දක්වා අඛණ්ඩව මේ අරගලය පෙරට ගෙනයනවා”

Facebook
Twitter
LinkedIn