ඉරානයේ විරෝධතා වලට වෙඩි

ඉරානයේ විරෝධතා වලට වෙඩි

ඉරාන පොලිසිය “අවිධිමත් ලෙස” හිජාබය පැළඳ සිටි බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවේ දී මිය ගිය මහ්සා අමිනීගේ උපන් නගරය වන Saqqez හි විරෝධතාකරුවන්ට පොලීසිය විසින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මිය ගොස් දින 40ක් ගතවීම හේතුවෙන් මහ්සා අමිනීගේ සොහොන අසල දහස් ගණනක් ජනයා රැස්ව සිට ඇති අතර, මානව හිමිකම් කණ්ඩායම් විදෙස් මාධ්‍යන්ට ප්‍රකාශ කර ඇත්තේ පොලිස් නිලධාරීන් නගරයේ ජනකායට සජීවී වෙඩි සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

Facebook
Twitter
LinkedIn