ඊයේ (21) ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ රුසියානු ආරක්ෂක ලේකම් වන සර්ජි ෂොයිගු අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
දුරකථනය ඔස්සේ මෙම සාකච්ඡාව සිදුකර ඇති අතර මීට පෙර පසුගිය මැයි මස මැයි 13 වැනිදා ඔවුන් අතර තවත් දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බවද වාර්තා වේ.
මෙම දුරකතන සංවාදයේ දී යුක්රේනයේ තත්ත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳව වන ගැටලු සාකච්ඡා කර ඇති අතර මෙහිදී විශේෂ වන්නේ ඇමරිකාව විසින් සටන් විරාමයක් කැඳවන ලෙස ඉල්ලා රුසියාවෙන් ඉල්ලා නොසිටීමයි.
Views: 0










