බලු බද්දක් ලඟ එනවා

බලු බද්දක් ලඟ එනවා

රනිල් වික්‍රමසිංහ ලබන මස මුල ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් නව බදු වර්ග 4ක් පැනවීමට සූදානම්ව සිටින බව අනාවරණය වේ.

මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය තුළ හට ගෙන තිබෙන සාකච්ඡාවලදී “බලු බද්දක් ලඟදීම එනවා“ යනුවෙන් උසස් නිලධාරීන් සඳහන් කර ඇති බව වාර්තා වේ. ඉදිරි අයවැයෙන් පැනවීමට සූදානම් වන බදු වර්ග 4 පිළිබඳව විමර්ශනය කිරීමේදී අඩුවකට පවතින්නේ බලු බද්ද පමණක් බව අවධාරණය කෙරී තිබේ.

ලබන අයවැය මගින් ධන බද්ධ, බූදල් බද්ද, දේපළ බද්ද සහ ඉඩම් බද්ද යන බදු වර්ග 4 ඍජු බදු වහයෙන් නියත වශයෙන් ම පැනවීමට සැලසුම් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෙවී ගිය කෙටි කාලය තුළදී අවස්ථා කිහිපයකදී ම නව බදු පැනවීම සහ පවතින බදු අසීමිතව ඉහල දැමීමෙන් රජයේ ආදායම් වැඩිකර ගැනීමට ක්‍රියා කර තිබේ. එම තත්වය තුළ නව බදු වර්ග 4ක් මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. අයවැය ඉදිරිපත් කරන දින මධ්‍යම රාත්‍රියේ සිට නව බදු ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අදාළ තොරතුරුවලින් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn