වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වෙමින් සිටි තමන් හට පොලිසිය පහර දී තුවාල සිදු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා පහරදීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු විසින් ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර තිබේ.
නීතිඥ සුනිල් වටගල මගින් ගොනු කළ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයාද නම් කර ඇති අතර පොලිස්පති සී.ඩී වික්රමරතන, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකුද වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
අනෙකුත් වගඋත්තරකරුවන් වන්නේ,
- කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩී.ජේ චන්ද්‍රකුමාර්.
- කාන්තා අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මහජන සාමය කලමනාකරන අධ්‍යක්ෂක බිම්ශානි ජයසිංහ.
- උතුරු කොළඹ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර් අඹේපිටිය.
- දකුණු කොළඹ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එච් මාරපන.
- මැදකොළඹ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝෂාන් ඩයස්.
- මහජන සාමය කලමනාකරන අධ්‍යක්ෂක ලලිත් ලීලාරත්න.
- පොලිස් අධිකාරී පී.ටී සිසිර පෙත්තතන්ත්‍රී.
- සහකාර පොලිස් අධිකාරී (දකුණු කොළඹ) සී.ඒ අබේසිරි ගුණවර්ධන.
- සහකාර පොලිස් අධිකාරී (මැද කොළඹ) මිනුර රසාන්ත සේනාරත්න.
- සහකාර පොලිස් අධිකාරී දිල්රුක් අබේසිරිවර්ධන.
- සහකාර පොලිස් අධිකාරී ලලිත් සේනාරත්න.
- මහජන සාමය කලමනාකරන සහකාර පොලිස් අධිකාරී අජන්ත රොඩ්රිගූ.
- මහජන සාමය කලමනාකරන සහකාර අධ්යක්ෂ පොලිස් අධිකාරී බන්දුල ප්‍රනාන්දු.
- මහජන සාමය කලමනාකරන පොලිස් අධිකාරී කේ.එම්.ඩී.අයි.එස් ගුණසිංහ.
- ප්‍රධාන පොලිස් පරීක්ෂක රජිව් සම්පත්.
- ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.අයි.කේ ඇපලකොටුව.
- ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර හේරත්.
- ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි.
Views: 1










