අමරකීර්තිගේ මරණයට වන්දිය රුපියල් කෝටියක්

පසුගිය මැයි 09වනදා රට තුළ ඇති වූ කලහකාරී තත්වය හමුවේ මරණයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වූ මන්ත්‍රීවරයයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය මැයි 09 වෙනිදා පෙරවරුවේ ගෝටාගෝගම සහ මයිනාගෝගම ප්‍රදේශවල විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට, අරලිට ගහ මන්දිරයේ සිට පැමිණි මැර පිරිස් විසින් පහරදිම සිදු කළ අතර ඉන් පසු රට පුරා දැඩි කලහකාරී තත්වයක් හටගන්නා ලදී.

Facebook
Twitter
LinkedIn