ඉන්දුනීසියාවේ සිරප් සහ දියර ඖෂධ විකිණීම තහනම් කරයි

ඉන්දුනීසියාවේ සිරප් සහ දියර ඖෂධ විකිණීම තහනම් කරයි

සිරප් වර්ගයක් විශ වීමෙන් ඉන්දුනීසියාවේ ළමුන් 100කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමත් සමඟ එරට සියලුම සිරප් සහ දියර ඖෂධ අලෙවිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

සිරප් ඖෂධවල අඩංගු වූ සංඝටක හේතුවෙන් උග්‍ර වකුගඩු ආබාධවලට ලක් වීමෙන් ඉන්දුනීසියාවේ පමනක් ළමුන් 99 දෙනෙකු මිය ගියගොස් ඇති අතර මෙම මස මුල් බාගයේදී ගැම්බියාවේ ළමුන් 70කට ආසන්න සංඛ්‍යාවක්ද මෙයට සමාන සිද්දියක් හේතුවෙන් මිය ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.

මේ අතර මීට සම්බන්ද යැයි සැක කෙරෙන කැස්ස සිරප් හතරක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කළ ඇත. මෙම ඖෂධ අතර ඉන්දියානු ඖෂධ සමාගමකට අයත් සිරප් වර්ගද අයත් වී තිබේ. ඩයිඑතිලීන්, ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් යන රසායන ද්‍රව්‍ය පිළිගත නොහැකි ප්‍රමාණවලින් මෙම සිරප් තුළ අඩංගු වී ඇති බවද අනාවරණය වී ඇත.

Facebook
Twitter
LinkedIn