මහින්ද රාජපක්ෂ මේ වනවිට පදිංචි වී සිටින බෞද්ධාලෝක මාවතේ B 20 දරණ රජයේ නිල නිවසේ පසුගිය මස විදුලි බිල රුපියල් 624,986/- ක් වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම නිවසේ නොගෙවූ මුලු විදුලි බිල රුපියල් 1,255,116/- ක් බවද, මෙයට පෙර එම නිවසේ රැඳී සිටි ජනක බන්ඩාර තෙන්නකෝන් නොගෙවූ විදුලි බිලද මෙයට ඇතුළත් බව වැඩි දුරටත් හෙළිවේ. එසේ වුවත් පසුගිය මාසයේදී පමණක් මහින්දගේ විදුලි බිල රුපියල් 624,986/- වී ඇත.
එසේම, පළවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට රැඳී සිටින නිල නිවසේ පසුගිය මස විදුලි බිල රුපියල් 338,871/- ක් වී තිබෙන බවද අනාවරණය වී ඇත. එම නිවසේ මුලු හිඟ විදුලි බිල රුපියල් 1,172,411/- වී ඇති බවද වැඩි දුරටත් අනාවරණය වේ.
හෙළිවී ඇති මෙම තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගේ නිල නිවාස දෙකෙහි මාසික විදුලි බිල රුපියල් 963,857/-ක් වී තිබේ.
Views: 0










