ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රනිල් වික්‍රමිසංහ සමඟ අතිශය සමීප සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන කෙටි මාර්ගයකින් පොලිස්පති වීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව තොරතුරු අනාවරණය වේ.
පසුගිය මැයි 09 වෙනි දින රාත්‍රියේ පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ විනාශ කිරීම වළක්වා ගැනීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ක්‍රියා නොකළ බවට පැමිණිල්ලක් රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇත්තේ දේශබන්දු සැලසුම් කළ කෙටි මාර්ගයේ එක් පියවරක් ලෙස බව හෙළිවී තිබේ.
පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරුන් පොලිස්පතිට විරුද්ධව රනිල් වික්‍රමසිංහ වෙත පොලිස්පතිට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කර ඇත. එසේ පැමිණිලි කිරීමට පොහොට්ටු මැති ඇමතිවරුන් මෙහෙයවා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් බව අනාවරණය වේ.
මේ වනවිට ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පවතින සාපරාධි අපරාධ චෝදනා රැසක් පිළිබඳ පරීක්ෂණ රනිල් වික්‍රමසිංහ යටතේ ද අත්හැර දමා තිබේ. වර්තමාන පොලිස්පති ඉක්මනින් විශ්‍රාම ගන්වා එය තමන් වෙත ගැනීමට දේශබන්දු ක්‍රියාකරමින් සිටී.










