කඩදාසි නැතුව මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපනයි

කඩදාසි නැතුව මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපනයි

කඩදාසි මෙන් ම අමුද්‍රව්‍යවල පවතින උග්‍ර හිඟය හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ එදිනෙදා සිදුකෙරෙන මුද්‍රණ කටයුතු සියල්ල කරගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා,රජයේ ගැසට් පත්‍ර ඇතුළු රජයට අදාළ අනෙකුත් මුද්‍රණ කටයුතුවලදී මුද්‍රණය කරනු ලබන පිටපත් ප්‍රමාණය මේ නිසා අඩුකර මුද්‍රණය අඩුකිරීමටත් මුද්‍රණ වියදම් සීමා කිරීමටත් සිදු වී ඇති අතර රජයේ මුද්‍රණාලයට අවශ්‍ය කඩදාසි, මුද්‍රණ කටයුතු සඳහා භාවිත කරන තීන්ත, ප්ලේට් ආදිය මිල දී ගැනීමේ අපහසුතාව මෙම තත්ත්වයට හේතු වි ඇති බව වාර්තා වෙයි.

Facebook
Twitter
LinkedIn