පාසල් දරුවන් ප්‍රවාහනයත් ඇණහිටින ලකුණු

පාසල් දරුවන් ප්‍රවාහනයත් ඇණහිටින ලකුණු

වැට් බද්ධ ක්‍රියාත්මක කිරීමත් සමඟ විශේෂයෙන් ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ හිමියන්ට දරාගත නොහැකි අන්දමින් වියදම් ඉහල යාම නිසා පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බව එම වාහන හිමියන් අවධාරණය කර තිබේ.

ළිහිසි තෙල්, බැටරි, ටයර් සහ අමතර කොටස් මිල විශාල වශයෙන් ඉහළ යාම මෙයට හේතු වී තිබේ. පෞද්ගලික බස් රථ ව්‍යාපාරයේ යෙදී සිටින්නන් මෙම තත්වය හමුවේ ආණ්ඩුවට සිදුකරන බලපෑම වැනි බලපෑමක් තමන්ට කළ නොහැකි බව ද මේ නිසා තව දුරටත් එම සේවාව පවත්වාගෙන යාමට නොහැකිව ඉවත් වීමට සිදුවී ඇති බවත් ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn