රටක් නැති නායකයා මියයි

රටක් නැති නායකයා මියයි

සෝවියට් රුසියාවේ අවසන් නායකයා ලෙස ක්‍රියා කළ නොබෙල් ත්‍යාගලාභී මිහායිල් ගොර්බචෝව් ඊයේ (30) මියගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහු 1991 සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු “රටක් නැති නායකයා” යනුවෙන් එකල හැඳින්වූ අතර නොබෙල් සාම ත්‍යාගයෙන් බටහිර බලවතුන් විසින් ඔහුව පුදනු ලැබීය.

සෝවියට් දේශය බිඳවැටිමෙන් පසු බිහිවූ රුසියාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අන්ත පරාජයකට පත් වූ මිහායිල් ගොර්බචෝව් මිය යන විට 91වෙනි වියෙහි පසුවිය.

Facebook
Twitter
LinkedIn