මෙරටට ගෙන්වා තිබෙන බොරතෙල් නැවක් සඳහා මුදල් ගෙවීම නිසි වේලාවට සිදු නොකිරීමෙන් ඩොලර් 120,000ක ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවී ඇති බව වෘත්තීය සමිති හෙළි කරයි.
කොළඹ වරායට පසුගිය 23 වෙනිදා බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නැවක් පැමිණ ඇති අතර එයට මේ දක්වා ගොඩ බෑමට හැකිවී නැත. ඒ අනුව අද (30) වනවිට ඩොලර් මිලියනයකට ආසන්න ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී තිබේ.
මෙරටට තෙල් ආනයනය කිරීමේදී අති විශාල ඩොලර් මංකොල්ලයක් සිදුවන බවට විවිධ චෝදනා එල්ල කෙරී තිබෙන පසුබිමක මේ ලෙස ප්‍රමාද ගාස්තු වශයෙන් ද තවත් ඩොලර් කොල්ලයක් සිදු කෙරෙන්නේ දැයි බලවත් සැකයක් මතුවී තිබේ. රට හමුවේ උග්‍ර විදේශ විනිමය අර්බුදයක් පැවතීම නිසා විදේශ ණය වාරික ගෙවීම පවා අත්හිටුවා ඇති තත්වයක් මත මේ ලෙස විදේශ විනිමය විශාල වශයෙන් මංකොල්ල කමින් තිබේ.
Views: 0










