අගමැති ධූරය පටලවාගෙන නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ උත්සහයක ඇතැම් පුද්ගලයින් නිරත වී සිටින්නේ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැති ධුරය සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
“මම කරන්නේ පක්ෂයට දරදිය ඇදීම මිසක් මට තනතුරු බලාගෙන වැඩකිරීමක් නෙවෙයි. මට දිනාගන්න පුළුවන් වුණොත් මට හම්බවෙයි. වෙන කෙනෙකුට දිනාගන්න පුළුවන් වුණොත් වෙන කෙනෙකුට හම්බවෙයි. කවුද දන්නේ අපි දිනයිද පරදියිද මේව කියන්න බෑනේ. ඔය කාටවත් අගමැතිවෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ අගමැති සිහිනය අපි සියලුදෙනාම අපේ ඔළුවෙන් අයින් කරගමු.”
ජාතික ආණ්ඩුවකට මත දෙකක්…
“ ජාතික ආණ්ඩුවගැන පක්ෂය තුළ යම් කාරණයක් පිළිබඳ විවිධ මත තියෙනවා. සමහර අය කියනවා යායුතුයි කියලා. සමහර අය කියනවා යුතු නැහැ කියලා. සමහර අය කියනවා මේ මේ ආකාරයට කොන්දේසිවලට එකඟ වෙනවනම් යන්න ඕනේ කියලා. අවසාන තීරණයක් අරගෙන නැහැ.”
කෙසේ නමුත් ශ්‍රීලනිපයේ ජේෂ්ඨයෙකුවන ජෝන් සෙනෙවිරත්න මහතා මාධ්‍යවෙත පවසා ඇත්තේ ශ්‍රීලනිපයේ බහුතරයක් ජාතික ආණ්ඩුවකට අකමැති බව පක්ෂයට දන්වා ඇති බවයි.









