රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ මුදල් ඇමතිවීමේ අපේක්ෂාවෙන් සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා විවෘත ආර්ථිකයේ ඉදිරි පියවර ගැන ප්‍රකාශ කර තිබේ.
ඔහු පසුගිය 07 වෙනිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මෙයට අදාළ පසුබිම හෙළිකර ඇත. එහිදී විශේෂයෙන් අවධාරණය කර තිබෙන්නේ ජේආර් ජයවර්ධන 77දී ආරම්භ කළ වෙළඳපොල ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවය.
මේ වනවිට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩුවට එක්වීමේ සූදානමක සිටින බව වාර්තාවේ. ලංකාදීප මාධ්‍යවේදියා ඔහු වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරෙන් විවෘත ආර්ථිකයේ නව ඉනිමක් ගෙනයාමට ඇති සූදානම පිළිබඳව කරුණු දක්වා ඇත.
උපුටා ගැනීම – ඉරිදා ලංකාදීප.
ජනාධිපතිවරයා විවෘත ආර්ථිකයත් ප්‍රශ්න කළා?
ඔව්. 1977 න් පටන් අරගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය පවත්වාගෙන ගියා. එතුමගෙ කාලයේ මැද හරියෙදි යම් යම් ගැටලු මතුවුණා. දෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණය කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. අසූ ගණන්වල මැද හරියේදී පොඩි පොඩි ප්‍රතිසංස්කරණ ටිකක් වුණා. හැබැයි ඒ ආපු ආණ්ඩු හදවතින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් පටන් ගත්ත විවෘත ආර්ථිකය ලෝකෙට එකතු කරන වැඩපිළිවෙළ කාර්යක්ෂම හා ඵලදායිතාව වැඩි ක්ෂේත්‍ර බිහි කිරීම කියන එක ගැන විශ්වාස කළේ නෑ. විවෘත ආර්ථිකය පවත්වාගෙන ගියා. හැබැයි ඒ අයට හරිහමන් විශ්වාසයක් තිබුණේ නෑ. ඉතින් දැන්වත් අපි ජේ. ආර්. ජයවර්ධන 77 දී පටන් ගත්ත වැඩේ සමාජ වෙෙළඳපොළ ක්‍රමවේදයක් හරහා ඉස්සරහට යන්න ඕනැ.
උපුටා ගැනීම අවසන්.










