මෙම මස අවසන්වීමට පෙර විදුලි බිල වැඩි කිරීමට සියල්ල සූදානම් කර ඇති අතර අඩු ආදායම්ලාභීන් වෙත සහන සැලසීම සඳහා මුලින් තිබූ සාකච්ඡාවද ඉවත් කර ගෙන ඇති බව අනාවාරණය වේ.
මේ අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා ද ඉහළම ආදායම්ලාභී පවුල් සඳහා ද එකම ගාස්තු ක්‍රමයක් අනුගමනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ වනවිට ආර්ථික අර්බුදය පුපුරා යාමෙන් පසු උද්ධමනය 60%කට ආසන්න වී ඇති බව මෙරට නිල සංඛ්‍යාලේඛනවලින් පිළිගෙන ඇති පසුබිමක විදුලි බිලද වැඩි කිරීමට සූදානම් වේ.
මගී ප්‍රවාහන ගාස්තු අසීමිතව වැඩි කිරීම, එදිනෙදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනයෙන් ඉවත් කිරීම මේ වනවිටත් සිදුකර ඇති අතර විදුලි බිල සහ ජල බිල්පත් ඉහළ දැමීම තුළින් තවදුරටත් ජනතාව අන්ත පීඩනයකට පත්වන බව ප්‍රකාශ කෙරී ඇත.
1










