බංග්ලාදේශ විපක්ෂනායිකාව අත්අඩංගුවට ගැනීමට නියෝග!

බංග්ලාදේශ ප්‍රධාන විපක්ෂ නායිකා ඛලීදා ෂියා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් නියෝග කර තිබේ. එම නියෝගය ලබා දී තිබෙන්නේ ඇයට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයන් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

එරට අගමැති ෂේක් හෂීනාට චෝදනා කරමින් ඇය කියා සිටින්නේ තමාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ එම චෝදනා  දේශපාලන අරමුණක් සහිතව ක්‍රියාත්මක වන්නක් බවය.

ෂේක් හෂීනාගේ ආණ්ඩුවට එරෙහිව මීට මාස කිහිපයකට පෙර සිට විරෝධතා විපක්ෂයේ විරෝධතා දැඩි කර ඇති අතර මහා මාර්ග, දුම්රිය මාර්ග හා ජල සැපයුම අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක් මීට මාස දෙකකට පමණ පෙර පැවැති අතර එහිදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. මේ වනවිට විපක්ෂ නායිකාව හා අගමැතිවරිය අතර දේශපාලන ආරවුලක් නිර්මාණය වී ඇති පසුගිය මහ මැතිවරණයද දූෂිත එකක් බවට චෝදනා එල්ල කරයි.

 

 

Facebook
Twitter
LinkedIn