ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ දියත් කර ඇති බවට විමල් වීරවංස ප්‍රකාශ කරන අතර එම පිළම නියෝජනය කරන ආචාර්ය නාලක ගොඩහේවා එම මතයට බරපතළ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සරෝජ් සමඟ සන්දේශය යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ නාලක ගොඩහේවා ප්‍රකාශ කර තිබෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කවුරු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂට යන්න සිදුවුණේ ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය නොකළ නිසා බවය.
වැඩි දුරටත් ඔහු අවධාරණය කර තිබෙන්නේ රටේ ප්‍රධාන ප්රශ්නය ආර්ථික ගැටළුව බවත් එයට විසඳුම් නොදුන හොත් කිසිවෙකුටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත් ය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා කරනවාට වඩා ආර්ථික ගැටළු විසඳීමට සියලු දෙනා බලපෑම් කළ යුතු බව ඔහු අවධාරණය කර තිබිණි.
රනිල් වික්‍රමසිංහ විසින් පනවන ලද හදිසි නීතිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයෙන් පසුව විමල් වීරවංස එයට පක්ෂව ඡන්දය දුන් අතර ආචාර්ය නාලක ගොඩහේවා විරුද්ධව ඡන්දය දී තිබිණි.










