පසුගිය කාලයේ මහා පාරිමාණයෙන් සිදු කරන ලද මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා පිහිටුවා තිබෙන විශේෂ පොලිස් ඒකකයට මේ වනවිටත් කාර්යාලයක් ලබා දී නැති බව හෙළි වේ.
මෙම පොලිස් ඒකකය පිහිටුවා දැනට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා යටතේ හතලිස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මේ සඳහා අනුයුක්ත කර තිබේ. එහෙත් ඔවුන්ගේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් ලබා නොදී සිටීම එම මූල්‍ය වංචා විමර්ශන ප්‍රමාද කිරීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්දැයි සැක පහළ වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික විධායක සභාවට ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම පොලිස් ඒකකය පිහිටුවා තිබේ.
Views: 0









