කොවිඩ් – 19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ වෛරසය වේගයෙන් බෝ වන බිහිසුණු ප්‍රභේදයක් බවත්, බී.ඒ.5 හෘද සෛලවලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති.
බී.ඒ.5 වයිරසය සම්බන්ධයෙන්, පෘතුගාල වෛද්‍ය පර්යේෂකයන් පුළුල් පර්යේෂණ කිහිපයක් සිදු කර ඇති අතර ඔවුන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ඒ අනුවය. පෘතුගාලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් – 19 ආසාදිතයන් ගණන 5,337,121කි. මරණ වාර්තා වන්නේ 24,587ක් ලෙසය. සුවය ලැබූ ගණන 4,237,853කි.
කොවිඩ් – 19 වසංගතයේ සැර බාල කිරීමටත් රෝහල්ගත කිරීමට සිදුවන කොවිඩ් – 19 ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ අවම කිරීමටත් ‘ඔමික්‍රෝන්’ සමත් වී ඇති නමුත් මෙම ඔමික්‍රෝන් බී.ඒ.5 උප ප්‍රභේදය බිහිසුණු ස්වරූපයක් ගෙන තිබේ.
මේ වනවිට ලොව නන්දෙසින් කොවිඩ් – 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේද ඔමික්‍රෝන් බී.ඒ.5 උප ප්‍රභේද හේතුවෙනි. උප ප්‍රභේද කීපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර එයින් බිහිසුණු උප ප්‍රභේදය ලෙස සැලකෙන්නේ බී.ඒ.5ය.
රෝහල් ගත කෙරෙන ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින්නේත් වැඩි වැඩියෙන් මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේත් බී.ඒ.5 උප විකෘතියේ බලපෑම නිසා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවා තිබේ. මේ වනවිට ලොව සමස්ත කොවිඩ් – 19 ආසාදිතයන් ගණන 579,780,429කි. සමස්ත මරණ වාර්තා වන්නේ 6,414,615ක් ලෙසය. කොවිඩ් – 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 549,638,534කි.
(රොයිටර්)









