වර්තමාන පාර්ලිමේන්තුව ජන මතය නියෝජනය නොකරන විකෘතියක් බව ඩලස් අගහප්පෙරුම ඇතුළු පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අද (28) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කරනු ලැබීය.
පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ වියත්මග සංවිධානයේ ආරම්භ ප්‍රමුඛයෙකු වූ ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියහ. එහිදී ඩලස් අලහප්පෙරුම වැඩි දුරටත් හෙළිකර තිබුණේ තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හදිසි නීතියට ඉඳුරාම විරෝධය පළ කරමින් ඡන්දය පාවිච්චි කිරීමට සාකච්ඡා කර ගෙන සිටි බවය.
ආචාර්ය නාලක ගොඩහේවා අදහස් දක්වමින් අවධාරණය කරනු ලැබූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට බලතල විශාල ප්‍රමාණයක් හදිසි නීතිය පැණවීම තුළින් ලැබෙන බවය. පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ හසිදි නීතිය නොමැතිව සාමාන්‍ය නීතිය පවා අවභාවිතා කරමින් රනිල් වික්‍රමිසංහ ඇතුළු පිරිස ක්‍රියා කළ බවද ඔහු පෙන්වා දෙනු ලැබීය.









