ඉන්දියාව ලංකාව ගිල ගැනීම තවත් වේගවත් කරයි

ඉන්දියාව ලංකාව ගිල ගැනීම තවත් වේගවත් කරයි

ඉන්දියාව මෙරටට ස්වැප් ණය පහසුකම් ලබාදීමේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමට පෙර පලාලි ගුවන්තොටුපළ සමඟ ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම වේගවත් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව ලබන මස අවසන්වීමට පෙර පළාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී. මෙය දෙරට අතර ගුවන් සේවා ප්‍රවර්ධනයට ක්‍රියා කරනවා වෙනුවට දේශපාලන බලපෑම් මත සිදු කරන බව තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පළාලි ගුවන්තොටුපලට අනුයුක්ත කිරීමේ පියවරක් ලෙස මේ වනවිටත් යාපනයේ විවිධ කටයුතුවලට යොදවා සිටී.

Facebook
Twitter
LinkedIn