හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත කරගනියි

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත කරගනියි

හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡ්නද 57කින් සම්මත වී තිබේ.

ඒ අනුව එයට පක්ෂය ඡන්ද 120 ලැබී තිබූ අතර එයට විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබිණි.

හදිසි නීති අණපනත් අනුව එය ක්‍රිය ක්‍රියාත්මක අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටද සිවිල් ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩක්‍රියා, උද්ඝෝෂණ, අරගල ආදිය මර්දනය කිරීම සඳහා බලය යෙදවීම මෙන්ම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේ බලයද හිමි වේ.

හදිසිනීතියට විරුද්ධව ඡන්දය ලබා දුන් අය අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනා, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සහ පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල් පීරිස්, එම පක්ෂයේ මන්ත්‍රීවරුන්වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ නාලක ගොඩගේවාද සිටිති.

මේ අතර ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන විමල් වීරවංස සහ ඔහුගේ මන්ත්‍රීවරු හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබාදී තිබිණි.

Facebook
Twitter
LinkedIn