ඉන්ධන පෝලිම්වල දින ගණන් සිටීමට සිදුවීම නිසා මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය 23 වෙනිදා පොතුවිල් සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශවල ඉන්ධන පෝලිම්වලදී දෙදෙනෙකු මියයාමත් සමඟ එම මරණ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන්ම හෘද්යාභාදවලට ලක්වීමෙන් මියගිය පිරිස ඉහළ අගයක් ගෙන ඇත. වෙනත් රෝගාබාධ උත්සාන්න වීමෙන් ඉන්ධන පෝලිම් තුළදී මියගිය පිරිස ද සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
Views: 0










