දුම්රිය ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ හමුදා සෙබලා අත්තඩංගුවට

දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු සේවයේ යෙදී සිටියදී දුම්රියෙන් එලියට වීසි වෙන සේ පහරදී ඝාතනය කළ යුද හමුදා සෙබලෙකු සහ තවත් පුද්ගලයෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

කොළඹ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ජනක ප්‍රියදර්ශන සෙනරත් සහ අනුරාධපුර ශාවස්ත්‍රිපුර උදාර ප්‍රසන්න නැමැත්තෙකු වේයන්ගොඩ පොලිසිය මගින් මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන ඇත. කොළඹ සිට කන්කසන්තරේ දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මෙම සැකකරුවන දෙදෙනා මත්පැන් පානය කරමින් ගොස් ඇත. ඒ පිළිබඳව මගීන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව දුම්රිය ආරක්ෂක නිලධාරියා පැමිණ ඔවුන්ව රැගෙන යන අවස්ථාවේ මෙම පහරදීම සිදුකර තිබේ.

දුම්රියෙන් එලියට වීසිවන සේ හමුදා සෙබලා විසින් ආරක්ෂක නිලධාරියාට පා පහරක් එල්ල කර ඇත. මේ අවස්ථාවේදී දුම්රිය මගීන් මැදිහත් වී අදාළ සෙබලා සහ අනෙකුත් පුද්ගලයා දුම්රියේ ආරක්ෂක නිලධාරීන්ට බාර දී ඇත. පසුව ඔවුන් වේයන්ගොඩ පොලිසියට බාර දී තිබේ.

Facebook
Twitter
LinkedIn