වයඹ ට්‍රේඩර්ස්හි හිමිකරු ලෙස ලියාපදිංචි වී සිටින තජිකින් නැමැත්තා පිටකොටුව තොග වෙළෙදුන්ගෙන් කිලෝවක් රුපියල් 142කට පරිප්පු මිලදී ගෙන එය කිලෝවක් රුපියල් 151කට විකිණීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු මේවන විට හෙළිව තිබේ. මේ ජාවාරමට ලංකා සතොසේ ඉහල නිලධාරීන්ගේ සහයද හිමිව ඇත.
මේ අනුව පිටකොටුව තොග වෙළෙදුන් අලෙවිකරනු ලබන මිලට වඩා රුපියල් 9ක් වැඩියෙන් ලංකා සතොස පරිප්පු කිලෝ ලක්ෂ 4ක් වයඹ ට්‍රේඩර්ස් සමාගමෙන් මිලදී ගෙන ඇත. අදාල මිලදී ගැනීම් සිදුව ඇත්තේ සතියක කාලයක් සදහාය. ඉන් ලංකා සතොසට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ තිස්හයකි (රු. 3,600,000).
කෙස්වුවද සතොස වයඹ ට්‍රේඩර්ස් සමාගමට අදාල ටෙන්ඩරය දී ඇත්තේ එම සමාගමට වඩා අඩුවෙන් පරිප්පු සැපයීමට ඉදිරිපත්වූ සමාගම් 3ක පරිප්පු නියැදි ප්‍රතික්ෂේප කරමින් බවද සතොස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගිය කාලයේදී ශාඛ නිරෝධන නීති රීති උල්ලංඝනය කරමින් කරුන්කා ආනයනය කිරීම සම්බන්ධයෙන් නම කියැවුණු ඔහු ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගමේ වැඩිම සැපයුම් කරුවාද වූ බව පැවසේ. එවකට ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභපතිවරයා වශයෙන් සිටි වත්මන් සතොස සභාපති කිරාන් අතපත්තු මහතාය.
වැඩි මිලට වයඹ ට්‍රේඩර්ස් සමාගමෙන් සතොසට පරිප්පු මිලදී ගැනීමට අදාල ලියවිලි පහත දැක්වේ.










