අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළේ තම පාර්ශ්වයෙන් බවත් ඔහු පරාජයට පත් වූ බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තමන්ද ඡන්දය ලබා දුන්නේ ඩලස් අලහප්පෙරුමට බවත් ඔහු පරාජයට පත් වූ බවත් ඒ කෙසේවුවද කවුරුන් හෝ ජයගතයුතු බවත් ඔහු සඳහන් කරයි.
Views: 0










