ගාලු මුවදොරට අධිකරණ නියෝගයක්

ගාලු මුවදොරට අධිකරණ නියෝගයක්

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුවය.

පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවය.

එබැවින් අදාළ පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළට කිසිදු පාර්ශ්වයක් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn