අද (20) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දය නිවැරදිව භාවිතා කළ නොහැකි මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද හිමිවී තිබේ.
මෙම මැතිවරණයේ තේරීම් බාර නිලධාරියා වන පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සෑහීමකට පත් වන්නේ නම් මුලින් පාවිච්චි කිරීමේ වැරදී ගිය ඡන්ද පත්‍රිකාය වෙනුවට වෙනත් පත්‍රිකාවක් ලබා ගැනීමට හැකියාව තිබේ. එය මෙම ඡන්ද විමසීම් රෙගුලාසිවල “මන්ත්‍රීවරුන්ගේ අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම් එය තේරීම් බාර නිලධාරියාට ආපසු දිය හැකි අතර ඒ වෙනුවට වෙනත් ඡන්ද පත්‍රිකාවක් ලබාදිය හැක්කේය” යනුවෙන් සඳහන් කර තිබේ.
පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන බවත් එය කිසිසේත් ම අන් සතු කළ නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීති පද්ධතියේ සඳහන් කර තිබුණ ද ජනතාව සතු නොවන වරප්‍රසාදයක් ජනතාව විසින් පත්කර යවන ලද මහජන නියෝජිතයන් වෙත ලබාදී ඇති බව මේ අනුව සනාථ වේ.
තව පැත්තකින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස දැන් සිටින අය අතර ඡන්ද පත්‍රිකාවක්වත් නිවැරදිව සළකුණු කර ගත නොහැකි අය ද සිටින බව මේ අනුව පැහැදිලි වේ.










