අගමැති කාර්යාලය අසළ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අගමැති කාර්යාලය අසළ කඳුළු ගෑස් ප්‍රහාරයක්

මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය අසළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම්දීමේ සූදානමට එරෙහිව විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්වේ.

විරෝධතාකරුවන් ගාලු මුවදොර අරගල භූමියේ සිට පාගමනකින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතාවයක නිරතව තිබේ.

එහිදී ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn