“මොළේ කළඳක් හෝ ඇත්නම් රනිලුත් ඉල්ලා අස්විය යුතුයි” – නීතිඥ සුනිල් වටගල

“මොළේ කළඳක් හෝ ඇත්නම් රනිලුත් ඉල්ලා අස්විය යුතුයි” – නීතිඥ සුනිල් වටගල

අගමැති රනිල් වික්‍රමසිංහට මොළේ කළඳක් හෝ තිබේ නම් රට කලඹන්නේ නැතිව වහා ම වැඩ බලන ජනාධිපති ධූරයට කතානායකවරයා පත් කිරීමට ඉඩ දෙන ලෙස නීතිඥ සුනිල් වටගල පවසයි.

ලද ආරංචි මාර්ග අනුව වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට සූදානම් වන බවත් යළි රට කැලැඹීමටත් ලේ විලක් දක්වා තල්ලු කිරීමට එය සමත් වනු ඇති බවත් ඔහු කීය.

කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ 40 (1) වගන්තියට අනුව අගමැතිවරයාටද ජනාධිපති ධූරය භාරගැනීමට නොහැකි නම්, එය කතානායකවරයාට භාරදීමට ඉඩ දිය යුතු වුවත් රනිල් වික්‍රමසිංහගේ බලලෝභී හා තනතුරුවලට ඇති කෑදරකම මත යළි රට අනතුරේ නොදැමිය යුතු බව වටගල අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව්‍යවස්ථාවේ එල්ලී බලලෝභය ප්‍රදර්ශනය නොකළ යුතු සේම මේ මොහොතේ ජනාධිපතිවරයා සේ ඔහුද අනිවාර්යයෙන් ධුරයෙන් ඉවත්විය යුතු බව නීතිඥ සුනිල් වටගල පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස පත් කළ හොත් එය අරගලකරුවන් ප්‍රමුඛ රටේ ජනතාවගේ අභිලාෂය මුළුමනින්ම බිඳ දමන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

අනුරාධ හේරත් – මව්බිම

Facebook
Twitter
LinkedIn