තමන් සහ පවුලේ සියලු සාමාජිකයන් ආරක්ෂිතව මෙරටින් පිටව යන තෙක් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවීමට ගෝටාබය රාජපක්ෂ තීරණය කර ඇති බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයේ ඇතැම් පක්ෂ සමග සාකච්ඡා කර ඇති බවත් ඒ කිසිදු පක්ෂයක් මේ සඳහා එකඟ වී නොමැති බවත් එම වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරයි.
හෙට (13) තමන් ඉල්ලා අස් වන බවට මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබූ අතර අද (12) පෙරවුරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇතැයිද මාධ්‍ය වාර්තා පල කරන ලදී.
අද අළුයම මෙරටින් පිටව යාම සඳහා බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසත් උත්සාහ දැරූවද ආගමන විගමන නිලධාරීන්ගේ විරෝධයත්, ගුවන් මගීන්ගේ විරෝධයත් හමුවේ එය ව්‍යවස්ථ වන ලදී.
කෙසේ වෙතත් හෙට දිනයේ ගෝටාබය රාජපක්ෂ ඉල්ලා අස් නොවුණහොත් මෙරට තත්වය වඩාත් බරපතළ වනු ඇති බවද ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය අනතුරු අඟවයි.
මූලාශ්‍ර – Lanka president puts condition ahead of resignation, seeks safe exit for family










