සමස්ත අරගලය අවසානයේ එහි අභිලාෂයන් ඉටුවන ජනතාවාදී පාලනයක් බිහි විය යුතු බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර, ජාත්‍යන්තර කමිටු ලේකම් අංජන සම්පත් අමරසිංහ, මෙහෙයුම් කමිටු සාමාජිකා නිල්මිනී ගැල්රැක් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර,
“ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඓතිහාසික දිනයක් අපි පසුගියදා පසුකළා. ඒ ජූලි මාසයේ 09වැනිදායි. එය ලංකාවේ ඓතිහාසික අරගලවල තුළත් ජාත්‍යන්තර අරගලවල තුළත් සටන්කාමී හා ජයග්‍රාගී දිනයක් සනිටුහන් කළා. ජූලි 09වැනිදා වන විට බංකරයක් තුළ සිරවී සිටි සහ මර්දනය තමන්ගේ ජීවිතය බවට පත් කර ගෙන සිටි ගෝඨාභය රාජපක්ෂලාට, මහින්දලාට, රනිල්ලාට අද වන විට යන එන මං නැති කරන්නට මේ සමාජය සමත් වී තිබෙනවා. ඔවුන් මේ සමාජයේ වැඳුම් පිදුම් ලබන තරමට ඔසවා තබන ලද චරිතයි. ඇතැම් ජනමාධ්‍ය ආයතන, කුප්‍රකට ව්‍යාපාරිකයින් විසින් සමාජයට මේ තත්වය බලෙන් පටවා තිබුණා. ඒ ඉටිපන්දම දැන් ක්‍රමයෙන් දියවෙමින් යනවා.
ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ ජනතාවට අයත් අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය ජනතාව විසින් අත්පත් කරගෙන අවසන් වී තිබෙනවා. මෙවැනි තත්වයකට පත් වීමට ඉඩ නොදී ගෝඨාභයට හා රනිල්ට ගෙදර යන ලෙස ජනතාව දිගින් දිගට ඉල්ලා සිටියෙදී ඔවුන් ජනතා බලය විශ්වාස කළේ නැහැ. ගෝල්ෆේස් අරගලයට මාසයක් පිරෙන විටත් මහින්ද අගමැතිකමෙන් ඉල්ලා අස් නොවී මර්දනය ගෙන ඒමට උත්සාහ කර අවසානයේ කුණු කූඩයට වැටුණේ ඒ නිසා තමයි. අරගලයට මාස දෙකක් සම්පූර්ණ වෙද්දී මහා කුමන්ත්‍රණකරුවා ලෙස සම්බන්ධ වී සිටි බැසිල් රාජපක්ෂට කුණු කූඩයට යාමට සිදු වූයේත් ඒ නිසයි. ගෝඨාභය රජපක්ෂටත් රනිල් වික්‍රමසිංහටත් මේ ජනතා බලය තේරුම් ගන්න නොහැකි වුණා. දැනට දැනගන්න තිබෙන විදිහට නැවකට ගොඩවී සිටි ගෝඨාභය මේ වන විට ත්‍රීකුණාමලය වරායෙන් නැවතත් ගොඩබිමට සේන්දු වී තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ සිටින තැනක් අපි තවමත් දන්නේ නැහැ. එවැනි තත්වයකට ඔවුන් පත් වුණා.
මේ මිනිසුන් වසර 74ක් රටේ ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කළා. නමුත් ජනතා බලය කොයි තරම් ප්‍රබලද කියන එක ජූලි 09වැනිදා රටේ සහ ලෝකයේ ජනතාවට දැක ගන්න ලැබුණා. මරදනයට ගෙනා බැටන් පොලු දිරා ගිය ලී කෑලි බවට පත් වුණා. බැරල් පිටින් ගෙනා කඳුළු ගෑස් ජනතාවට මල් වැස්සක් බවට පත් වුණා. වෙඩි උණ්ඩ අහස් කූරු බවට පත්වුණා. මොන බලය තිබුණත් ආයුද බලය, ජාවාරම්කාර ධනය ආදී සියල්ල මහජනතාව අවදි වූ වේලාවට යටපත් වන බව ජනතාව දැක්කා. ජූලි 09 ඓතිහාසික ජයග්‍රහණ ලැබෙන්නේ මේ තත්වය තුළයි.
මේ තත්වය තුළ මුහුදේ රවුම් ගසමින් සිටින ගෝඨාභයත් සැඟවී සිටින රනිල් වික්රමසිංහත් ජාවාරම්කාර කල්ලිත් ජනතාවගේ බලය තේරුම් නොගෙන එයත් සමග ඩීල් දාන්න තවමත් උත්සාහ කරමින් ඉන්නවා. අපි සමාජවාදී තරුණ සංගමය ලෙස ඔවුන්ට අවධාරණය කරන්නේ, දැන්වත් ජනතාවට තිබෙන බලය තේරුම් ගන්නා ලෙසයි. දින දීමෙන් පලක් නොවන බවත් ජනතාව දැනටමත් ඔබලාට දින ලබා දී අවසන් බවත් ගෝඨාභයටත් රනිල්ටත් අපි පැහැදිලිව අවධාරණය කරනවා. ප්‍රායෝගිකව ගත්තොත් දැන් රටේ ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක් නැහැ. එම මන්දිර ජනතාව සතු වී තිබෙන්නේ එබැවිනුයි. දැන් ජනාධිපති ධුරය, අගමැති ධුරය හා පාර්ලිමේන්තුව පවතින්නේ ව්‍යවස්ථාව තුළ පමණයි. මේවා අද බල රහිත ආයතන බවට පත්වී තිබෙනවා. මේ නිසා අපි ගෝඨාභයට කියන්නේ නැකත් බැලීමෙන් තොරව, ඥානක්කාගෙන් වෙලාවල් බැලීමෙන් තොරව කූට ගේම් ගැසීමට උත්සාහ ගැනීමෙන් තොරව වහාම ඉල්ලා අස්වී යන ලෙසයි. ඒ වගේම මේ හැදෙන අර්බුදය තුළ තමන්ට ‘පිනා චාන්ස්’ ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවානම්, කාණුව දිගේ ගසාගෙන විට ඔළුවට ඔටුන්න වැටේවි යැයි බලා සිටිනවානම් ජනතාව එවැනි දෙයකට ඉඩ ලබා නොදෙන බව අවධාරණය කරනවා. මේ දෙදෙනා තමන්ගේ තනතුරුවලින් වහාම ඉවත් වී ඒවා ජනතාවට බාරදී යායුතුයි.
පළමුවෙන්ම අප යෝජනා කරන්නේ ගෝඨාභය නිල වශයෙන් ඉල්ලා අස්විය යුතුයි. අමැතිවරයා නිල වශයෙන් ඉල්ලා අස්විය යුතුයි. අපේ රටට කළ හැකි අවම ප්රගතිශීලී කටයුත්ත ලෙස කතානායකවරයාට මේ තනතුර බාර දී ඔහු වැඩබලන ජනාධිපතිවරයා බවට පත් කර කෙටිකාලීන එකඟතාවක් ඇතිව ඉතාමත් කෙටි කාලයකින් මේ පාර්ලිමේන්තුවට අලුත් 225ක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ හැරෙන්නට වෙනත් විසඳුමක් ඇතැයි අපි සිත්න්නේ නැහැ. ගෝඨාභය සහ රනිල් ඉවත් වීමෙන් මේ ප්්රශ්නයට ස්ථීරසාර විසඳුමක් ලැබෙන්නේ නැහැ. පවතින පාර්ලිමේන්තව ජනතාව විශ්වාස කරන්නේ නැහැ. අපි යෝජනා කරන්නේ කවරාකාරයේ හෝ ප්රගතිශීලී දේ කිරීමට තිබෙන්නම් එය කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළයි. පාර්ලිමෙන්තුවට පිටින් දැවැන්ත ජන මතයක් හා ජනතා බලයක් නියෝජනය වෙමින් තිබෙනවා. නමුත් එයට සමාන්තරව පාර්ලිමේන්තුව තුළ එවැනි මතයක් නියෝජනය වන්නේ නැහැ. දැනට පාර්ලිමේන්තුව තුළ අතිවිශාල ප්‍රමාණයක් ලැග සිටින්නේ ජාවාරම්කාර පිරිසක්. විශාල පිරිසක් සාම්ප්‍රදායික දේශපාලන කඳවුර නියෝජනය කරනවා. මේ තුළ අලුත් ජිමික් පෙන්වීමට නොහැකියි. ජනතාව මේ බලය දේශපාලනිකව වෙනත් තැනකට පරිවර්තනය කළ යුතුව තිබෙනවා.
‘ගෝටා ගෝ හොම්’ ලෙස පවතින මේ සටන් පාඨය නිර්වචනය කරගනිද්දී එහි ගැඹුරු දේශපාලන අර්ථයක් තිබෙනවා. වසර 74ක් තුළ මජර දේශපාලන සංස්කෘතියක් තිබුණා. මේ රටේ අතිවිශාල ජනතාව ප්‍රතික්සේප කරමින් තිබෙන්නේ ඒ දේහපාලන සංස්කෘතියයි. අපි එය තේරුම් ගත යුතුයි. ඒ වගේම බිඳවට්ටන ලද ආර්ථිකය නගා සිටුවිය යුතුයි කියන එක තිබෙනවා. ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට සාධාරණ ලෙස බෙදී යා යුතු බව එයින් අවධාරණය කෙරෙනවා. ඒ වගේම මේ පාලකයින් ජාතිකත්වයන් ලෙස අප බෙදා තිබුණා. ජාතිවාදය වැපුරුවා. ජාතික සමගියේ අවශ්‍යතාවය මෙයින් ප්‍රකාශ වෙනවා. ජාවාරම්කාර කල්ලිත් සාම්ප්‍රදායික දේශපාලන කඳවුරුත් එකට එකතු වී සිදු කරන ලද ප්රජාතන්ත්රවාදය හකුළා දැමීම හා මර්දනයට එරෙහිව ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ දිනාගැනීමේ අවශ්‍යතාව, ජනතාවට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කළ යුතුයි කියන අදහසත් මේ සටන් පාඨය තුළ තිබෙනවා. ඒ වගේම විදේස් රටවල අපේ මිනිසුන් මෙරටට ගෙනා අතිවිශාල ධනය මේ පාලකයින් විසින් විනාශ කළා. එම සොරාගන්නා ලද ධනය හා දේපළ පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුවිය යුතු බවත් ඊට වගකිවයුත්තන්ට දඬුවම් කිරීමටත් ඒ ධනය නැවත රටට ලබා ගැනීමටත් කටයුතු කළ යුතුයි කියන පණිවිඩයත් මේ තුළ තිබෙනවා.
සමාජවාදී තරුණ සංගමය ලෙස මේ අරගලය තුළ අපේ සක්‍රීය මැදිහත් වීම වන්නේ මේ සියලු දෙයෙහි අවසානය ජනතාවාදී පාලනයකින් අවසන් විය යුතු බවයි. ඒ වෙනුවෙන් ගෝඨාභය, රනිල් ගෙදර යා යුතුයි. ඒ තත්වය තුළ කෙටි කාලයක් තුළ යම් දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් සිදු කර, ජනතාවට යම් සහන ප්‍රමාණයක් ලබා දී අලුත් ජනවරමකින් පාර්ලිමේන්තුව පත් කරගැනීමට කටයුතු කළ යුතුයි. ඒ අලුතෙන් පත්වන ජනතාවාදී ආණ්ඩුව මේ ජනතා අරගලයෙන් මතුවුණු දේශපාලන අභිලාෂයන් සමඟ සම්මුඛ විය යුතුව තිබෙනවා.
මේ අපි ලබමින් සිටින්නේ, අවුරුදු ගණනාවක් පුරා, ගොවීන්, ධීවරයින්, කම්කරුවන් තරුණ තරුණියන්, කාන්තාවන් සියලු දෙනා එකට එකතු වී සිදු කරන ලද අරගලවල ප්රතිඵලයයයි. එසේම අපි භුක්ති විඳින්නේ දේශපාලන ව්‍යාපාර, බුද්ධිමතුන්, වෘත්තිකයින් විසින් සිදු කරන ලද මතවාදී මැදිහත්වීමේ ප්රතිඵලයයි. ගෝල්ෆේස් අරගලය අද ඒ සියල්ලේ සංකේතයයි. ඒ නිසා අපි කියනවා රටේ ආදරණීය ජනතාවට, තරුණ තරුණියන්ට මේ මතුවෙමින් ඇවිත් තිබෙන, ඔබ අප සියලු දෙනා එකතු කරමින් තිබෙන ආදරණීය ලෝකය බිඳවැටෙන්න දෙන්න එපා. අනිවාර්යයෙන්ම එය ජනතාවාදී පාලනයකින් කෙළවර කරගැනීම සඳහා දැනුමත් අරගලයත් විශ්වාස කර ගනිමින් ඉදිරියට යමු. ඒ වෙනුවෙන් අපිට ස්වර්ණමය අවස්ථාවක් එළඹී තිබෙනවා. එය අත්නොහැර, දැනුවත්ව, සංවිධානාත්මකව අරගල කළ යුතුයි. සටන ඇරෙන්න වෙන කිසිවක් නැහැ. අපි මෙය නිශ්චිතවම ජයග්‍රහණය කරනවා. මෙතෙක් ගෙන ආ සටන අත්නොහැර, අපි බලාපොරොත්තු වුණු ලෝකය නිර්මාණය කර ගැනීමට මැදිහත් වෙමු.”
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්රශ්නය:- කථානායක යටතේ සියලු පක්ෂ නායකයන් රැස්වෙලා ගනු ලබන තීන්දු තීරණවලට වලංගුභාවයක් තියෙනවාද?
පිළිතුරු:- අද ජනාධිපතිවරයෙක් නැහැ. අග්‍රාමාත්‍යවරයෙක් නැහැ. ඒ නිල කටයුතු ටික කරන්න තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා මෙතරම් කලක් හිතුවේ ගේම්වලින්, ඩීල්වලින් මේ ගැටලු බේරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කළ කාලයකුත් තිබුණා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙනවාත් සමගම නිල විදිහට සිටින, ප්‍රායෝගික නැති රනිල් වික්රමසිංහත් වහාම ඉල්ලා අස්විය යුතුයි. එහෙම නොවුණොත් ඔහුට මොකක්ද වෙන්නේ කියන එකට මේ රටේ ජනතාව උත්තර දෙයි. එනිසා එය තව තවත් තේරුම් ගැනීමට තරම් මොළයක් නැතිනම් එයට ජනතාව බියවිය යුතු නැහැ. ගෝඨා, රනිල්, ඇතුළු මේ ආණ්ඩුවේ සියලුම දෙනා ගෙදර යා යුතුයි. මෙය අවසන් විය යුත්තේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීමෙන්. ඒක තමයි ජනතා අභිලාෂය.
පුද්ගල නාමයන් පිළිබඳ අපට යෝජනාවක් නැහැ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ කවුරු හෝ හොඳ අය, ප්‍රතිපත්තිගරුක අය කවුද, කියා තෝරන්න උත්සාහ කළොත් ඉතාම අතළොස්සක් තමයි ඉතිරි වන්නේ. අපි යෝජනා කරන්නේ සර්වපාක්ෂික පූට්ටු, දේශපාලන පක්ෂත් එක්ක යම් එකඟතාවයන් හදාගෙන, මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමෙන් පලක් වන්නේ නැහැ. අද ජනතාව සතුකරගෙන තිබෙනවා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය. ඩීල් දාලා නැවත මේ පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් අදින්න ගියොත්, නුදුරු දිනයකදී මේ පාර්ලිමේන්තුවත් ජනතාව සතුකර ගනීවි.
ප්රශ්නය:- අරගලකරුවන් ජනාධිපති මන්දිරයට තුළට ඇතුල්වෙලා කරන යම් ක්‍රියාවන් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නේද?
පිළිතුරු:- සමාජවාදී තරුණ සංගමය් විදිහට මේ අරගලකරුවන් විදිහට එක් පාර්ශ්වයක් විදිහට මම මේ අදහස දක්වන්නේ. පළවෙනිම දේ තමයි අපි මෙය තේරුම් ගන්න ඕනැකම තිබෙනවා. දැන් මේ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ජනතාව විසින් අත්පත් කරගෙන තිබෙනවා. මේ තත්වය තේරුම් අරගෙන මේවා අත්පත් කරගන්නේ නැතිව මේ තත්වය තේරුම්ගෙන පාලකයන්ට බැහැලා යන්නයි තිබුණේ. ඒක ඒගොල්ලෝ කළේ නැහැ. ඒ නිසා තමයි ජනතාව මේ ආයතන ටික අත්පත් කරගත්තේ. මේවා අත්පත් කරගත්තාට පස්සේ විය යුතු දේ මොකක්ද?
මැයි මාසයේ 09වැනිදා සිට අපි සාමකාමී, ප්රජාතන්ත්රවාදී අරගලයක නිරත වුණා. ලෝක ඉතිහාසයේ අරගල, ලේ වැකි අරගල ලෙස සටහන් වෙලා තිබෙන්නේ. හැබැයි අපි කළේ සාමකාමී අරගලයක්. මේ අරගලය අවසන් නැහැ. මේකේ සමහර කුමන්ත්රණකරුවන් මේ අරගලය බොඳ කරන්න, අරගලය වෙන වෙන දිශානතිවලට අරගෙන යන්න, අරගලයේ තිබෙන ලස්සන කැත කරන්න මෙවැනි ස්ථානවල ස්ථාන ගත වෙමින් විවිධ ක්‍රියාකාරකම් කරන බව අපි දන්නවා. ඒක නිසා අපි අරගලකරුවන් ලෙස මෙය වළක්වා ගැනීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. අපි ජනතාවටත් කියනවා, මේ පිළිබඳව අවදියෙන් ඉන්න. මේ අරගලය පැහැදිලිව තියෙන්නේ ගෝඨත්, රනිලුත්, මේ ආණ්ඩුවත්, 74 වසරක දේශපාලන සංස්කෘතියත් එක්ක. මේ අරගලය තියෙන්නේ බිල්ඩින් එක්ක නොවෙයි. මේ අරගලය තියෙන්නේ පුටුත් එක්ක නොවෙයි. මේ අරගලය තියෙන්නේ බඩු භාණ්ඩත් එක්ක නොවෙයි. අපි මෙය ජනතාවටත් අවධාරණය කරනවා. අපි මෙය අවම කර ගැනීම වෙනුවෙන් මැදිහත් වෙමින් ඉන්නවා. අපි ජනතාවටත් කියනවා කුමන්ත්රණකරුවන් මේ අරගලය අවලස්සන කරන්න උත්සාහ ගන්නා අය ගැන අවධානයෙන් ඉන්න කියලා.
පිළිතුරු:- ජනතාව විසින් අත්පත් කර ගත් ස්ථාන තුනක් තිබෙනවා. ජනධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය. ඔබ ඇතුළු සියලු මාධ්‍යවේදීන් එතන හිටියා. ඔබ සැම දකින්න ඇති දහවල් 1.00 – 2.00 පමණ වෙන විට මේ සියල්ල අත්පත් කරගෙන සිටියා. නමුත් ඒවා කිසිම ගිනිබත් වීමක් හෝ විනාශ කිරීමකට කිසිම අරගලකරුවෙක් සම්බන්ධ වුණේ නැහැ. හැබැයි රාත්‍රියේ අග්‍රාමාත්‍ය නිවස ගිනිබත් වීමකට ලක්වෙලා තිබෙන්නේ. අරගකරුවන් විදිහට අපට දේපළත් සමග ප්‍රශ්නයක් නැහැ. අපි කිසිවක් ගිනිබත් කරන්න යන්නේ නැහැ. එවැනි ක්‍රියාවලියකට අපේ අරගලකරුවන් කිසිදු සම්බන්ධතාවයක් නැහැ. අපි කියනවා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න. ඒ වගේම එවැනි ක්‍රියාවලට අපේ අප්‍රසාදය පළ කරනවා.
අපිට නැවත වතාවකින් බලා ගන්න පුළුවන් ජනතාව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. ඒක නිසා නැවත වතාවකින් ඔබලා සූදානම් වෙනවා නම් යම් ක්‍රියාමාර්ග තෝරමින් ඉන්න. යම් ඩීල් හදන්න. ජනතාව අනිවාර්යයෙන්ම පෙරට එනවා. ඒ නිසා ජයග්‍රහණය සහතිකයි. ආණ්ඩුව, අගමැති, ජනාධිපති යා යුතුයි. එහෙම නොවුණොත් ජනතාව මේවා සියල්ල අයත් කරගෙන වෙනත් ක්‍රියාමාර්ග අරගනීවි. අපි මේගොල්ලන්ට කියනවා තවත් අපේ ජීවිත විනාශ කරන්න එපා. අපේ රට විනාශ කරන්න එපා. අපේ අම්මලාගේ, තාත්තලාගේ, තරුණ තරුණියන්ගේ, දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා. ඒවගේම අපි කියනවා කරුණාකරලා බැහැලා පලයන් කියලා. අපි පොලිස්පතිවරයාටත් පණිවිඩයක් දෙනවා, දැනට අපට තිබෙන තොරතුරු අනුව මේ මධ්‍යස්ථාන තුන පිළිබඳව පරීක්ෂණ පටන් අරගෙන තිබෙනවා. අපට ආරංචියක් තිබෙනවා අරගලකරුවන් යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙන බවට. අපි පොලිස්පතිට කියනවා, ඔබ වැඩ කළ යුත්තේ, මේ කුප්‍රකට ඩීල්කරුවන් වන රනිල්, ගෝඨා වෙනුවෙන් නොවෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් කියා, අපි පොලිස්පතිට අවධාරණය කරනවා, මේ තත්වය තේරුම් අරගෙන වැඩ කරන්න කියා. එයාගේ ඩීල් දේශපාලන ගේම් අපි දන්නවා.
ප්රශ්නය:- සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවක් තියෙනවා. නමුත් ඔබතුමන්ලාගේ කිසිම සූදානමක් නැත්තේ ඇයි? විශේෂ හේතුවක් තිබෙනවාද?
පිළිතුරු:- ඔව්. විශේෂ හේතුවක් තිබෙනවා. අපි නිශ්චිතවම සර්ව පාක්ෂික ආණ්ඩුවලට එකඟ නැහැ. අපි හිතනවා මේ පක්ෂ ටික එකතු වෙලා මේ රට තවදුරටත් විනාශ කළ යුතු නැහැ කියලා. අපි පැහැදිලිවම ක්‍රියාමාර්ග ප්‍රමාණයක් යෝජනා කර තිබෙනවා. ජාතික ජන බලවේගය විදිහට නිශ්චිත යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අන්තර් කාලය තුළදී පාර්ලිමේන්තුවේ එකඟතාවයක් තිබේ නම් අනිවාර්යයෙන් මේ රට භාර ගන්න සූදානම්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඉතාමත් කෙටි කාලයක් තුළදී යම් එකඟතාවයන් ඇතුලේ හදා ගන්නා ව්‍යුහයකට එළියේ සිට සහයෝගය දක්වන්න එකඟතාවයක ඉන්නවා.










