එළඹෙන 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව සම්පුර්ණයෙන් ඉවත් නොවුනහොත් පසුදින සමස්ත වෘත්තිය සමිති එක්ව රටපුරා දැවැන්ත හර්තාලයක් අරඹන බව වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,
“මේ අස්සේ රනිල් කල්පනා කරනවා නම්, නැහැ මම ඊළඟ ජනාධිපතිවෙලා යන්නේ කියලා. අපි කියනවා රනිල්ට 13 වෙනිදා රෑ 12 වෙනකල් සිහින දකින්න ඔයා. 14 වෙනිදා වෙනකොට මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය වෘත්තීය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ලෙස සමස්ත මහා හර්තාලයක් ආරම්භ කරනවා. එදාට වරාය නවතී. එදාට රෝහල් නවතී. බැංකු නවතී. දුම්රිය නවතී. බස් ගමනාගමනය නවතී. කඩ වැහෙයි. සියලු දේ නවතිනවා උඹලා දෙන්න මේක ඇතුළේ තවදුරටත් ගේම් ගහන්න ගත්තොත්.”
Views: 0










