රනිල් අගමැති ධුරයෙන් ඉවත්වන බව කිව්වේ නැහැ – වජිර අබේවර්ධන

අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර නැතැයිද අගමැතිවරයාගේ සිදු කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වරද්දාගෙන ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන වජිර අබේවර්ධන සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (10) මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පිළිතුරු ලබාදෙමිණි. එහිදි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු ඇමති වජිර අබේවර්ධන.

මාධ්‍යවේදියා – අගමැතිවරයා ඉවත්වෙයිද පාර්ලිමේන්තුවෙන්?

පිළිතුර – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම වගන්තියක් නැහැනේ.

මාධ්‍යවේදියා – දැන් අගමැති තුමා ඉවත්වෙන්න කැමැත්ත පලකරල තියෙනවද?

පිළිතුර – නැහැ. අගමැතිතුමාට එහෙම ඉවත්වෙන්න බැහැනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න වෙනවා.

මාධ්‍යවේදියා – එතුමා ඉන්න ඕන කියන්නේ තවත්?

පිළිතුර – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩාකප්පල්කරන්න කියලනෙ ඔබ යෝජනා කරන්නේ. ඒක කරන්න බැහැ.

මාධ්‍යවේදියා – දැන් එතකොට එතුමා කියලා තියෙනවනේ ඉවත්වෙන්න සූදානම් කියලා.

පිළිතුර – නැහැ. නැහැ. මං හිතන්නේ වරදවා මාධ්‍ය වාර්තා කිරීම ගැන මම කණගාටුවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 37 වෙනි වගන්තියේ මේක ලියල තියෙන්නේ රටක අස්ථාවරභාවයක් ඇතිවෙනකොට ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා. 37.1, 37.2 ලියල තියෙන්නේ ඒ සඳහා. ඒක පකිස්තානේ භාවිතා කරල තියෙනවා. ඒක රුසියාවේ භාවිතා කරල තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් එය බාවිතා කළ යුතුයි.

Facebook
Twitter
LinkedIn