ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්රමසිංහ වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට වන පක්ෂ නායකයින්ගේ බහුතර තීරණය ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ලිඛිතව දැන්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති පක්ෂ නායක රැස්විමේදී බහුතර පක්ෂ නායකයින්ගේ තීරනය අනුවය.
එහිදී බහුතරයක් පක්ෂ නායකයින්ගේ තීරණය වී ඇත්තේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂත් අගමැති රනිල් වික්රමසිංහත් වහාම ඉල්ලා අස්වී කතානායක මහින්ද යාපා අබේවර්ධන වැඩබලන ජනාධිපති ලෙස පත්විය යුතු බවය. එමෙන්ම සර්වපාක්ෂික අගමැතිවරයෙකු පත් කරගෙන සති තුනක් ඇතුළත ජනාධිපතිරයෙකු පත් කරගත යුතු බවත් එහිදී තීරණය වී ඇත.
කතානායකවරයා කැඳවා තිබූ මෙම පක්ෂ නායක රැස්වීම සඳහා අගමැති රනිල් වික්රමසිහං, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, දෙමළ ජාතික සන්ධාන මන්ත්රී එම්.ඒ සුමන්තිරන් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහභාගී වී ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේය.
මේ අතර මාසය කිහිපයකින් පාර්ලිමේන්තුව මැතිවරණයක් පැවැත්වීමටත් තීරණය කර තිබේ.










