අරගලය මැද ප්‍රභූවරයෙක් රටින් පනියි…

අරගලය මැද ප්‍රභූවරයෙක් රටින් පනියි…

ජනාධිපති ගොටාබය රාජපක්ෂටත් අගමැති රනිල් වික්‍රමසිංහටත් වහාම ධුරවලින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් අද (09) පැවති ජනතා අරගලය අතරතුර විශේෂ වරප්‍රසාද සහිත ප්‍රභූවරයෙකු ඇතුළු පිරිසක් රටින් පිටව ගොස් තිබේ.

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රභූ රථ පෙළක් පැමිණ ඇති අතර කොළඹ වරායට ප්‍රභූ පිරිසකගේ ගමන් මලු කිහිපයක් රැගෙන විත් නාවික හමුදාවට අයත් නැව්වලට පටවා ඇත.

මීට අදාළ ඡායාරූප සහ වීඩියෝපටිද මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

Facebook
Twitter
LinkedIn