යෝෂිත නීතිවිරෝධීව රටින් පළා යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් ධුරයට නීතිවීරෝධීව පත් කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා නීති උල්ලංගනය කරමින් ඊයේ (10) රාත්‍රියේ හදිසියේ විදේශගතව ඇත. ඔහු ඩුබායි බලා පිටත්වී තිබේ.

නාවක හමුදාවේ නිලධාරියෙකු විදේශගතවීම සඳහා අවම වහයෙන් මාසයකට පෙර නිවාඩු ඉල්ලුම් කළ යුතුය. එහෙත් යෝෂිත රාජපක්ෂ එක් දිනක් ඇතුලත නාවික හමුදාවට දැනුම් දී නීතිවිරෝධීව විදේශගත වී ඇත. ඔහු මෙසේ විදේශගතව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත කර තිබෙන පැමිණිල්ලක් විභාගයට ගැනෙමින් තිබියදීය.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගැනීම, විදේශ ශිෂ්‍යත්ව ලබා දීම ඇතුලු චෝදනා ගණනාවක් ඔහුට එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn