ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය වන අලියෙකුගේ ගැටීම නිසා ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය පවසයි.
මෙම හදිසි අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදීය.
අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයටද දැඩි හානි සිදුව ඇත.
මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇති අනෙක් තිදෙනා වන්නේ සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි.
මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එක්ව මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


Views: 0










