යල්පැනගිය ක්‍රමයට රටක ප්‍රශ්න විසඳන්න බැහැ – ශ්‍රී ලංකාවේ කුවෙට් තානාපති

යල්පැනගිය ක්‍රමයට රටක ප්‍රශ්න විසඳන්න බැහැ – ශ්‍රී ලංකාවේ කුවෙට් තානාපති

වතුර පිපාසයට වතුර වීදුවරුවක් ලබා දෙන ආකාරයේ යල් පැනගිය ක්‍රම ඔස්සේ රටක ප්‍රශ්න විසඳිය නොහැකි බව ශ්‍රී ලංකාවේ කුවෙට් තානාපති කලාෆ් එම්.එම් බූ ධහීර් (Khalaf M. M. Bu Dhhair) අවධාරණය කරයි.

තානාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කුවේට් රාජ්‍යයේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ අසාබා මහා විද්‍යාලයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ. “කුවේට් සහ ශ්‍රී ලංකාව අතර සඹඳතාව ඊයේ පෙරේදා හටගත්තක් නොවෙයි. මෙතන අවුරුදු 100කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. අපි ලංකාවේ දියුණුවේ සහයකයෙක්. ශ්‍රී ලාංකික පුරවැසියන් ලක්ෂයකට වඩා කුවේට් රැකියා කරනවා. මේ අර්බුදය ලංකාවටත් කුවේට්වලටත් සීමාවෙච්ච අර්බුදයක් නෙවෙයි. මේක හැම රටකටම බලපානවා. ඒ අතර දැන් යුද්ධයකුත් තියෙනවා. ඒ යුක්රේනය සහ රුසියාව අතර.

අපි දීර්ඝකාලීනව මේක තමයි කරන්න ඕනේ. ඔබට දැන් පිපාසයනම් ඔබට වතුර වීදුරුවක් දෙන්න පුළුවන්. ඔබට පැය දෙක තුනකට පස්සේ ආයෙත් පිපාසය දැනෙනවා. එතකොට මොකද කරන්නේ? ඔබට කවුරුන්ද වතුර දෙන්නේ? ඒ විදිහට ප්‍රශ්න විසඳන්න බැහැ. කිසිම ආණ්ඩුවකට මේක යල්පැනගිය ක්‍රමයකට විසඳන්න බැහැ.”

Facebook
Twitter
LinkedIn