රට කම්බස්කර, නාමල්ගේ තෙල් කොම්පැනිය ගේන හැටි ගැන බරපතල හෙළිදරව්වක්…

රට කම්බස්කර, නාමල්ගේ තෙල් කොම්පැනිය ගේන හැටි ගැන බරපතල හෙළිදරව්වක්…

ශ්‍රී ලංකාව බරපතල තෙල් හිඟයකට ඇද දමා නාමල් රාජපක්ෂ නැමැත්තෙකු මූල්‍ය අධ්‍යක්ෂ ධුරය දරන ALBG නම් සමාගමකට මෙරටට තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ගෙනයන කූඨ වැඩපිළිවෙලක් පිළිබඳව ජූලි මස 03වෙනි දිනට නිකුත් කරන ලංකාදීප පුවත්පතේ විශාල හෙළිදරව්වක් කර තිබේ.

එම පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රදීප් සම්පත් කරුණාතිලක අදාල හෙළිදරව්ව කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ කටාර් රාජ්‍යයේ ව්‍යාපාරිකයන් මෙන්ම බලධාරීන් සමග සාකච්ඡා කරන ඡායාරූපද උක්ත සමාගමේ වෙබ් අඩවියෙන් උපුටාගෙන එම වාර්තාවට එක්කර ඇත. නාමල් රාජපක්ෂට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක්ද කටාර් රාජ්‍ය බලධාරීන් සහ ව්‍යාපාරිකයින් සමග ගන්නාලද ඡායාරූප ලිපියට ඇතුළත් කර ඇත.

නමුත් 2018 අප්‍රේල් 18 වෙනි දිනෙන් පසුව අදාළ ඡායාරූප එම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බව සඳහන් කර තිබේ. එසේම අදාල සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ ධුරය දරන නාමල් රාජපක්ෂ නැමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද නැතිනම් වෙනත් අයෙකුදැයි ඊ-මේල් පණිවිඩයක් මගින් මාධ්‍යවේදියා විමසා ඇත. නමුත් එම ඊ-මේල් පණිවිඩයට අදාල සමාගම මගින් මෙතෙක් පිළිතුරු ලබාදී නොමැති බව ලිපියේ සඳහන් වේ.

එම පුවත්පතේ ලිපියට සිරස්තලය යොදා තිබෙන්නේ “රටේ තෙල් බිංදුවටම හින්දුවේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගේන්නද?” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn