මෙරටට වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන තේ කර්මාන්තය මේ වනවිට සම්පූර්ණයෙන් ම අඩපන කර ඇත.
මෙම තත්වයට මුල පිරූයේ ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලද රසායනික යෙදවුම් තහනම තුළින් වන අතර මේ වනවිට පවතින ඉන්ධන නොමැතිකම නිසා තවත් වටයකින් බිඳ දැමීමට හේතුවී ඇත. නෙළා ගන්නා අමු තේ දළු ප්‍රවාහනය කිරීමට කිසිසේත් නොහැකි වී ඇති අතර තේ කම්හල් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය කප්පාදු කරන අවස්ථාවල ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමෙන් ද කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටෙන තත්වයක් උදාවී තිබේ.
පසුගිය 2021 වසරේදී තේ අපනයනයෙන් ඩොලර් මිලියන 1325ක් පමණ උපයා ගෙන තිබිණි. එම වසරේ මුල් මාස 4 තුළ ඩොලර් මිලියන 417ක් පමණ උූපයා ගෙන තිබූ අතර රසායනික පොහොර යෙදවුම් තහනම නිසා මෙම වසරේ මුල් මාස 4 තුළ එම ආදායම ඩොලර් මිලියන 367 දක්වා පහත වැටී තිබේ. මේ වනවිට පවතින ඉන්ධන නොමැතිකමින් එය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට හේතු වී තිබේ.










