ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු මෙන්ම සම්මානනීය ඡායාරුප ශිල්පියෙකුද වූ පසන් රාමවික්‍රම මහතා ඊයේ (08) සවස වැලිගම දෙනිපිටියේදී අභාවප්රාල්ත වී ඇත.
ඒ මහතා හදිසි අනතුරුකට මුහුණ දුන්නේද නොඒසේනම් හිදිසිරෝගාබාධයකට මුහුණ දුන්නේද යන්න හෝ වෙනත් අනතුරකට මුහුණදුන්නේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය පවසන්නේ ඔහු මහමග වැටී සිටි බවයි.
වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ඔහු වැලිගම වලාන රෝහලට ඇතුලත්කළද ඒ විටත් ඒ මහතා මියගොස් සිටිබව වෛද්‍යවරු කියති.
කෙසේ වෙතත් රිය අනතුරක් සිදුවූ බවට සළකුණක් සොයාගත නොහැකි වී යැයි පොලිසිය කියයි. මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය පරික්ෂණය අද (09) සිදුකිරිමට නියමිතය. මිය යන විට 50වැනි වියෙහි පසුවූ ඒ මහතා දරුවන් දෙදෙනකුගේ පියෙකි.
පසන් රාමවික්‍රම මහතා ලක්බිම සහ රිවිර පුවත්පත්වල වැලිගම ප්රාදේශීයවාර්තාකරු ලෙස කටයුතු කළ අතර ඔහු රට පුරා සිටින බොහෝ මාධ්‍යවේදීන් සමග ඉතා සුහදව කටයුතු කළ මාධ්යවේදීයේකු ලෙස ප්‍රසිද්ධය.









