ගෝඨාගේ උපාධි කඩයේ තොරතුරු හෙළි වේ

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීමෙන් පවත්වාගෙන ගිය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පිහිටුවීමට රුපියල් කෝටි 2,613ක් කැබිනට් අනුමැතියෙන් වෙන් කරගෙන ඇති බව අනාවරණය වේ.

පසුගියවසරේ අගෝස්තු 13වන දින රාජ්‍ය ආරක්ෂක ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම කැබිනට් සන්දේශය ඉදිරිපත් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ එම වෛද්‍ය පීඨය සඳහා කැඩෙට් නිලධාරීන් වශයෙන් වර්ෂයකට 8දනෙකු වැනි සීමිත පිරිසක් බඳවාගන්නා අතර 100කට අධික පිරිසක් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබන සිසුන් ලෙස බඳවාගැනීමයි.

මේ අතර 2014 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙන් කර තිබූ මුලු මුදල වන්නේ රුපියල් කෝටි 2,338ක් ය. මෙසේ තිබියදී වෛද්‍ය, ඉංජිනේරු, නීති, සමසෞඛ්‍යය, කලමනාකරණ ආදී උපාධි විකිනීම සඳහා රජයට අයත් ‍ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යොදාගනිමින් සිටී. එහි වෛද්‍ය පීඨය වෙනුවෙන් පමණක් මුළු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට‍ම වෙන්කර ඇති මුදල්වලට වඩා වැඩි මුදලක් වෙන් කර ඇත.

Facebook
Twitter
LinkedIn