හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලහත්කාරයෙන් ඇතුළු වී වනජීවී නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කමල් අමරසිංහ මේ මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර අධිකරණය මඟහරිමින් ඔහු කටයුතු කර තිබේ.
පසුගිය ජනවාරි 22 වන දා මෙම නඩුවට අදාළ තීන්දුව ලබාදී ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 15,000ක දඩයක් සහ බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක් නියම කළා. අධිකරණය මඟහරිමින් සිටි ඔහු පසුගිය 20 වනදා නිවාඩු අනුමත කරගෙන විදේශගතවී තිබේ. පසුව පසුගිය 05 වනදා නුවරඑළිය අධිකරණයට භාරවූ ස්ථානාධිපතිවරයා ඊයේ (06) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ආශ්රිත පුවත් :-
වැලිකඩ OIC සිංගප්පූරුවට පළායයි









