වැලිකඩ OIC සිංගප්පූරුවට පළායයි

වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කමල් අමරසිංහ මහතාට නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කර තිබේ. පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම දඬුවම නියම වූයේ 2009 වසරේ අප්‍රේල් මාසයේ දිනක හෝර්ටන් තැන්න අභය භූමියට අනවසරයෙන් ඇතුළු වී වනජීවී නිලධාරීන්ට පහර දීමේ සිදු වීමක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින්ය.

 

මෙම නඩුව විභාග වන කිසිදු අවස්ථාවට අදාළ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර එසේම සිර දඬුවම් නියම කරන අවස්ථාව වන විටද එම ස්ථානාධිපතිවරයා හොර රහසේ සිංගප්පූරුව බල පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ. ඔහු පසුගිය 19 වන දින නිවාඩු ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර මෙසේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn